ඉරාන නාළිකා ප්‍රධානියෙක් ඝාතනය කරලා



Gem TV නිර්මාතෘ සහ සභාපති වූ සයීඩ් කැරමියන් ඉස්තාම්බුල් නුවරදී වෙඩි තබා ඝාතනය කර ඇති බව බිබිසි ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.

වයස අවුරුදු 45ක් වු සයීඩ්ට මස්ලැක්ප්‍රදේශයේදි වෙඩි තැබූ අතර එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ කුවේට් ව්‍යාපාරික හවුල්කරුදජීවිතක්ෂයට පත්වී ඇත.

තුර්කි පොලීසිය සිදුකරන ලද විමාර්ශන වලදී ඝාතනය සඳහා යොදා ගත් වාහනය පුළුසුසා දමා තිබියදී හමුවී ඇත.

ඉරානයට එරෙහිව ප්‍රචාරයන් සිදුකිරීම හේතුවෙන් ඔහු නොමැතිව ටෙහෙරාන් අධිකරණය මගින් නඩු විභාග කර වසර 6ක සිරදඩුවම් නියම කර තිබිණි.

මුහුණ ආවාරණය කරගත් තුවක්කුකරුවන් සෙනසුරාදා සවස මොවුන් දෙදෙනාට වෙඩිතාබා ඇති අතර සයීඩ් කැරමියන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔහුගේ ව්‍යාපාරික හවුල්කරු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී ඇත.

ඉස්ලාමීය සාරධර්මයන්ට එරෙහිව ගොස් බටහිර සංස්කෘතිය පැතිරවීමට උත්සහ ගන්නා බවට ඔහුට චෝදනාවන් එල්ල වී තිබිණි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(බී.බී.සී. ඇසුරිනි)


RECOMMEND POSTS