ඉරානය පුරා හමුදා පෙළපාලි

ඉරාක - ඉරාන අට අවුරුදු යුද්ධයේ 36 වැනි සංවත්සරය සමරමින් උත්තම ආරක්ෂක සතිය අද (21) ආරම්භ වූයේ ඉරානය පුරා වාර්ෂික හමුදා පෙළපාලි පැවැත්වීමෙනි.
මෙයින් ප්රධානම පෙළපාලිය වූ අගනුවර ටෙහෙරානයේ හමුදා පෙළපාලිය පැවැත්වුණේ ඉරානයේ ශුද්ධ නායකයා වූ ඉමාම් හොමිනිගේ සොහොන් ගැබ ඉදිරිපිටය. හමුදාවේ විවිධ සේනාංක,ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය සහ පොලීසිය මෙම සංදර්ශනයට සහභාගිවී සිටිනු දක්නට ලැබුණි.
දකුණු ටෙහෙරානයේ පැවැති හමුදා පෙළපාලියේදී විවිධ මිසයිල් ආරක්ෂක පද්ධති ඇතුළු ආරක්ෂක ක්ෂේත්රයේ මෑතකදී ලබාගත් ජයග්රහණද ප්රදර්ශනය කෙරුණි.

මේ අතර ඉරානයේ දකුණු වෙරළේ බන්දාර් අබ්බාස් නගරය අසල පැවැති පෙළපාලියට යුද යාත්රා 500ක් පමණද සබ්මැරින්ද, ප්රහාරක ජෙට් යානා සහ හෙළිකොප්ටර්ද සහභාගි විය.
මීට වසර 36කට පෙර (1980 සැප්තැම්බර් මාසයේදී) ඉරාක - ඉරාන යුද්ධය ආරම්භ වූයේ ඉරාකයේ හිටපු නායකයා වූ සදාම් හුසේන් ඉරාකය ආක්රමණය කිරීමත් සමගය

