ඉරාක මාධ්‍යවේදියා අයි.එස්. ස්නයිපර් ප්‍රහාරයෙන් මරුට



අයි.එස්. ස්නයිපර් තුවක්කුකරුවකු විසින් ඉරාක මාධ්‍ය වේදියකු ඝාතනය කරන ලද බව ඒ.එෆ්.පි. ප්‍රවෘත්ති සේවය කියයි.

මෙම ඝාතනය සිදුවී ඇත්තේ ඊයේ කර්කුක් නගරයේදි ඉරාක ආරක්ෂක හමුදා සහ ඉස්ලාමිය ත්‍රස්තවාදින් කණ්ඩායමක් අතර ඇතිවූ ගැටුමක් ඇතිවූ අවස්ථාවේදිය.

මිය ගිය පුවත්පත් කලාවේදියා 30 හැවිරිදි වියේ පසුවූ අහ්මද් හජර් ඔග්ලෝ යයි පොලිසිය කියයි. ස්නයිපර් තුවක්කුකරු විසින් එල්ල කරන ලද වෙඩි පහර ඔහුගේ පපුවටම වැදී ඇතැයි කර්කුක් පොලීසියේ නිලධාරියකු එර්.එෆ්.පි. ප්‍රවාත්ති සේවයට පවසා ඇත.


RECOMMEND POSTS