ඉරාක ත්‍රස්තවාදින් පිරිසක් ඉරාන අත් අඩංගුවේ

ඉරාකය කේනද්‍ර කරගත් ත්‍රස්තවාදි කණ්ඩායමක සාමාජිකයන් සිවු දෙනෙකු ඉරාන ආරක්ෂක හමුදා විසින් බටහිර ඉරානයේ කොර්දෙස්තාන් පළාතේදී අත් අඩංගුවට ගනු ලැබ ඇත.
එසේ අත් අඩංගුවට ගැනිම නිසා ඔවුන්ට ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන්නට අවස්ථාව ලැබී නැත.උතරු ඉරාකය කේන්ද්‍ර කරගත් මෙම ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් ඉරානයේ මරිවාන් නගරයට ඇතුළු වී ඇත්තේ කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන්නට යැයි විශ්වාස කෙරේ.
ටස්නිම් ප්රවෘත්ති සේවය පවසන අන්දමට මරිවාන් නගරයට ආසන්න ගම්මානයකදී මෙම ත්රස්තවාදීන් දෙනො සහ ඔවුන්ගේ සහායකයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉරාන හමුදාව විසිනි.
එම ත්‍රස්තවාදී සංවිධානයේ කන්ඩායම් නායකයකු වන ෂොවාන් නමින් හඳුන්වන පුද්ගලයා මරිවාන් ප්‍රෙද්ශයට ඇතුළු වී ඉරානය තුළ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරිම සඳහා මුදල් ආධාර එකතු කිරීමත් හමුදා සංවිධානය කිරිමත් සිදුකර ඇත.
ඔවුන් සතුව තිබූ ආයුධ සහ පතරොම් විශාල සංඛ්‍යාවක් සහ වෙනත් උපකරණ රැසක් හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇත.

