ඉරාකයේ පිපිරීම් දෙකකින් 30ක් මරුට



ඉරාකයේ අගනුවර බැග්ඩෑඩ්හි සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් අඩුම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකුවත් මිය ගොස් ඇතැයි ඉරාකයෙන් ලැබෙන ප්‍රවෘත්ති වාර්තාවල  දැක්වෙයි.

මෙයින් පළමු පිපිරිම සිදුවී ඇත්තේ බැග්ඩෑඩ්හි නිරිත දිග අමීර් ප්‍රදේශයේදිය. එයින් පස් දෙනෙකු  මිය ගොස් 16කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

දෙවැනි පිපිරීම සිදුවී ඇත්තේ බැග්ඩෑඩ් නව නගරයේදිය.

අයි.එස්. ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාර දෙකේම වගකීම බාරගෙන ඇතැයි ඉරරාකයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.


RECOMMEND POSTS