ඉන්ධන නැවක් සෝමාලි කෝලලකරුවන් අතට

ශ්‍රී ලංකා ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්වී ඇතැයි සැක කරන බව රොයිටර් සහ මැද පෙරදිග පුවත් සේවා රැසක් වාර්තා කර ඇත.
‘ඒරීස් 13’ නමැති මෙම නෞකාව පැනමාවේ ‘ආර්මි’ සමාගමට අයත් එකකි යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නැවේ කලමනාකරණ කටයුතු පැවැරී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘අරෝරා’ නමැති නැව් සමාගමටය.
‘ඒරීස් 13’ නෞකාව නිසැක වශයෙන්ම සෝමාලි මූදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් වී ඇති නම්, 2012 වසරෙන් පසු වෙළෙඳ නෞකාවක් සෝමාලි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්වුණු පළමු අවස්ථාව මෙය වනු ඇතැයි ද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් පවසා ඇත.
‘ඒරීස් 13’ නමැති මෙම නෞකාව අට දෙනකුගේ කාර්ය මණ්ඩලයකින් සමන්විත ටොන් 1,800 කට වඩා බරින් වැඩි නෞකාවකි.
සෝමාලි මූදු කොල්ලකරුවන් නෞකාව වට කරද්දී, ඒ බව දන්වමින් නෞකාවෙන් ආපදා පණිවුඩයක් ද නිකුත් වී ඇත. කොල්ලකරුවන් නෞකාවේ ගමන් මඟ හසු කර ගැනීමේ පද්ධතිය අක්‍රිය කොට සෝමාලි මුහුදු සීමාවට එය රැගෙන ගොස් ඇතැයි ද පැවැසෙයි.
ඒඩන් බොක්ක ආශ්රිත මුහුදේ වෙළෙඳ නැව් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන එක්සත් රාජධානියේ ‘සාගර වෙළෙඳ කටයුතු’ පිළිබඳ සංවිධානය පවසා ඇත්තේ අධිවේගී කුඩා අධිවේගී බෝට්ටුමවලින් පැමිණි සෝමාලි මූදු කොල්ලකරුවන් නෞකාව වට කරමින් පසුව එය සෝමාලි මුහුදු සීමාව වෙත රැගෙන ගිය බවය.
ගල්ෆ් ටයිම්ස් ඇසුරිනි

