ඉන්දුනීසියාව චීනය පසුකරයි

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දුනීසියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 1,752 ක් වාර්තා වීමත් සමඟ එරට සමස්ත ආසාදිතයන් ගණන 84,882 ක් බවට පත් වූයේ චීනය අභිබවා යමිනි.
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. චීනයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 83,644 කි.
ගතවුණු පැය 24 ඇතුළත ඉන්දුනීසියාවෙන් මරණ 59 ක් වාර්තා වූ හෙයින් සමස්ත මරණ ගණන 4,016 දක්වා ඉහළ ගිය බව ඉන්දුනීසියානු සෞඛ්‍ය අමත්‍යාංශය ඊයේ (18) නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
පසුගිය ජූනි මාසය තෙක් ඉන්දුනීසියාව වසා දැමුණු අතර, රටේ ආර්ථිකය කඩා වැටීමට පටන් ගත් හෙයින්, වයිරස තර්ජන මැද රට විවෘත කිරීමට රජය පියවර ගත්තේය. වයිරස ආසාදිතයන් වැඩි වීමට පටන් ගත්තේ ඒ අනුව යැයි පැවැසෙයි.
මේ මස පළමු වැනිදා සිට සෑම දිනකම 1,000 කට වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටී. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පාසල් තවමත් විවෘත කර නොමැති අතර අවන්හල් සහ සිනමාහල් විවෘත කිරීම ද ප්‍රමාද කරන බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසා තිබේ.
ජකර්තාහිදීය (රොයිටර්)

