ඉන්දුනීසියාවේ ඉහළම ගෞරව සම්මානය මෝදිට



නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියාවට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නාරේන්ද්‍ර මෝදිට ඉන්දුනීසියා ජනාධිපති ප්‍රබෝවෝ සුබියැන්තෝගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

ඉන්දුනීසියාවේ ඉහළම ගෞරව සම්මානය අග්‍රාමාත්‍ය මෝදිට පිරිනැමීමට ද ඉන්දුනීසියා ජනාධිපතිවරයා අමතක කළේ නැත. එම ගෞරව සම්මානය තමන්ට හිමිවීම ආඩම්බරයක් බව අග්‍රාමාත්‍ය මෝදි පසුව මාධ්‍ය හමුවේ පැවැසුවේය.

ද්වී පාර්ශ්වීක සාකච්ඡාවලට එක්වුණු මෝදි සහ සුබියැන්තෝඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගික සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින්, ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර සමුද්‍රීය ආරක්ෂාව, තීරණාත්මක ඛනිජ සම්පත් සහ ආරක්ෂක ක්ෂේත්‍ර ඇතුළු ප්‍රධාන අංශ රැසක් ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික ගිවිසුම් දහයකට වඩා වැඩි ප්‍රමාණයකට අත්සන් කළහ.

එම ගිවිසුම් යටතේ, ඉන්දියාවේ නිෂ්පාදිත 'බ්‍රහ්මෝස්' සුපර්සොනික් කෲස් මිසයිල පද්ධතිය සහ 'ඇස්ට්‍රා' නමැති මිසයිල ඉන්දුනීසියාවට ලබා දීම ද නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මලක්කා සමුද්‍ර සන්ධියේ පිවිසුමට ඉහළින්, උපායමාර්ගිකව වැදගත් ‘සබාන්ග්’ වරාය ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ද රාජ්‍ය නායකයන් දෙදෙනා කැමැත්ත පළ කළ බව ද වාර්තා විය.

ඉන්දියාවේ දකුණු කෙළවරේ පිහිටි ‘ඉන්දිරා පොයින්ට්’ සිට නාවික සැතපුම් 100ක් වැනි දුරකින් පිහිටි මෙම වරාය ව්‍යාපෘතිය හරහා සමුද්‍රීය සංචාරක පහසුකම්, නැව් අලුත්වැඩියාව සහ අක්වෙරළ බලශක්ති සේවා සංවර්ධනය කිරීමට නියමිත බව පැවැසෙයි.

මෙමඟින් ඉන්දියාවේ අන්දමන් සහ නිකොබාර් දූපත් මෙන්ම ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත අතර සබඳතා ශක්තිමත් වී කලාපීය සමෘද්ධිය ළඟා කරගත හැකි වනු ඇතැයි ද පැවැසෙයි. ගෝලීය දේශපාලන අර්බුද සම්බන්ධයෙන් ද මෝදි සහසුබියැන්තෝ අතරේ අවධානය යොමු විය. 

පලස්තීනය සමඟ ඉන්දුනීසියාව පවත්වන සමීප සබඳතාව පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍ය මෝදි කියා සිටියේ, පලස්තීන ප්‍රශ්නය සඳහා ද්වීරාජ්‍ය විසඳුමකට ඉන්දියාව ස්ථිරවම සහාය දෙන බවය. 

අග්‍රාමාත්‍ය මෝදි ඉන්දුනීසියා පාර්ලිමේන්තුව ඇමැතුවේය. ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, ඉන්දියාව සැමවිටම පෙනී සිටින්නේ පොදු වර්ධනය සහ ප්‍රගතිය වෙනුවෙන් මිස අනෙකුත් රාජ්‍යය


RECOMMEND POSTS