ඉන්දුනීසියාවට මහ වැසි



ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඉන්දුනීසියාවට අයත් සුලවේසී දූපතේ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත්, ජල ගැලීම් හේතුවෙන් 30 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ.

පළාත් රැසක් ජලයෙන් යටවී ගොස් ඇත්තේ බිලී බීලී නමැකි වේල්ල පිටාර ගැලීමෙනි. නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ගම්මාන රැසක් නායයෑමට ලක් වී ඇති බව ද ඉන්දුනීසියා බලධාරීහු කියති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS