ඉන්දුනීසියාවට භූමි කම්පාවක්



ඉන්දුනීසියාවේ ලාම්බොක් නමැති සංචාරක දූපත අලුයම ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි.

භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙස සටහන් විය. භූමි කම්පාවෙන් ගොඩනැගිලි සහ නිවාස රැසකට හානි සිදුවිය. පුද්ගලයන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ප්‍රධාන භූමි කම්පාවෙන් පසු අතුරු භූමි කම්පා කිහිපයකින් දූපත කැලැඹූණු බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS