ඉන්දුනීසියාවට භූමි කම්පාවක්



ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා සහ ජාවා දූපත්වලට ඔබ්බෙන් මුහුදු පතුළේ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය.
භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.9 ක් ලෙස සටහන් විය.

ජාවා සහ සුමාත්‍රා දූපත් භූමි කම්පාවෙන් කැලැඹී ගියේය. භූමි කම්පාව හටගත්තේ මූදු පතුළේ සිට කිලෝ මීටර් 42 ක් ගැඹුරිනි.

භූමි කම්පාවෙන් ජීවිත හානි සිදු නොවුණත්, නිවාස කීපයකට හානි සිදුවිය. ජාවා සහ සුමාත්‍රා වැසියන් මහත් සේ බියට පත්වුණු බව වාර්තා වේ. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපීය දූපත්වලට 2004 දී සුනාමි රළ කඩා වැදුණේ ද ඉන්දුනීසියාවට බලපෑ අති බිහිසුණු භූමි කම්පාවක ප්‍රතිඵලයක් ලෙසය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 9.9 ක් සටහන් කළේය. දහස් ගණනකගේ ජීවිත එම භූමි කම්පාවෙන් සහ සුනාමියෙන් අහිමි විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS