ඉන්දීය හෙලිකොප්ටරයක් කඩා වැටිලා



ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද උණුසුමක් ඇවිලී යද්දී, ඉන්දු කාශ්මීරයේ බුඞ්ගාම් නගරයට නුදුරින් ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටුණි.

කඩා වැටුණේ එම්.අයි. 17 වී 5 වර්ගයේ හෙලිකොප්ටරයකි. යානයේ ගුවන් හමුදා නිලධාරීන් එය දෙනකු සහ සිවිල් වැසියකු සිටි බවත් ඔවුන් සියල්ලන්ම මියගිය බවත් පැවැසෙයි.

හෙලිකොප්ටරය කඩා වැටුණේ ප්‍රහාරයකට ලක්වීමෙන්දැයි සෙවීමට කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළේ යැයි ඉන්දීය හමුදාව පවසා ඇත.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS