ඉන්දීය මැතිවරණයේ සය වැනි අදියර ඇරැඹේ



අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේ සය වැනි අදියර අද (12) ආරම්භ විය.

දිල්ලි ප්‍රාන්තය ඇතුළු උතුරු දෙසින් පිහිටි ප්‍රාන්ත 7 ක මැතිවරණ කටයුතු අද දිනයේ සිදුවන අතර මිලියන 100 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව ද පැවැසෙයි.

මහ මැතිවරණයේ අවසන් අදියර ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඡන්ද ගණන් කිරීමත් ප්‍රතිඵල නිකුත් කිරීමත් 23 වැනිදා සිදුවෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS