ඉන්දීය මහ මැතිවරණය හෙට



ලොව විශාලතම ප්‍රජාතන්තවාදී ක්‍රියාදාමය ලෙස ද සැලකෙන ඉන්දීය මහ මැතිවරණය (ලෝක් සභා මැතිවරණය) හෙට (11) ආරම්භ වෙයි.

හෙට ආරම්භ වෙන්නේ 17 වැනි ලෝක් සභා මැතිවරණයේ පළමු අදියරය.

මැතිවරණය අදියර 7 ක් යටතේ පැවැත්වෙයි. දෙවැනි අදියර ලබන 18 වැනිදාත්, තෙවැනි සහ සිවුවැනි අදියර ලබන 23, 29 ත්, පස්වැනි අදියර ලබන මැයි 6 වැනිදාත්, 6 වැනි අදියර මැයි 12 වැනිදාත්, 7 වැනි සහ අවසන් අදියර මැයි 19 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

අවුරුදු 18 ට වැඩි මිලියන 900 ක පිරිසක්, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. අද ආරම්භ වන මහ මැතිවරණය අවසන් වන්නේ ලබන මැයි 19 වැනිදා වන අතර ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මැයි 23 වැනිදා සිදුවනු ඇත.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS