ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද

අදියර හතකනින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (23) ආරම්භ වුණු අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පමණක් නොව ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ද ඡන්දය ප්‍රකාශ කළහ.
අගමැති මෝදි ඡන්දය ප්‍රකාශ කළේ ගුජරාඨයේ අහ්මදාබාද් නුවර ඡන්ද මධ්‍යස්ථානයකදීය. ඡන්දය ප්‍රකාශ කිරීමට ගුජරටය බලා මෝදි ගියේ විශේෂ රිය පෙරහරකිනි. වෙඩි නොවදින මෝටර් රථයේ සිට මඟ දෙපස රැස් වී සිටි ජනතාවට අත වැනීමට ද අගමැතිවරයා අමතක නොකළේය.
ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මෝදි, ගාන්ධිනගර් වෙත ගොස් සිය මව හමුවී දෙපා වැඳ ආශිර්වාද ගත් බව ද ඉන්දීය පුවත් සේවා සඳහන් කරයි. මෙවර මහ මැතිවරණයට මෝදි ඉදිරිපත් වන්නේ වරණාසි ආසනයෙනි. වරණාසි මැතිවරණය පැවැත්වෙන්නේ ලබන මැයි 19 වැනිදාය. ඉන්දීය මහ මැතිවරණයේ අවසන් හත් වැනි සහ අවසන් අදියර එදින පැවැත්වීමට නියමිතය.
කොංග්රස් නායක රාහුල් ගාන්ධි සිය ඡන්දය ප්‍රකාශ කළේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ වේයනාද් ආසනය වෙනුවෙන් පමණක් නොව උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අමිති ආසනය වෙනුවෙන් ද තරග කරයි. ඊයේ දිනයේ රාහුල් ගාන්ධි වේයනාද් නුවරට ගොස් ඡන්දය ප්‍රකාශ කළේය. 2009 වසරේ සිට වේයන්ද් ආසනය ද කොංග්රස් පක්ෂය සතුව පවතී. සටන පවතින්නේ අමිති ආසනය වෙනුවෙනි. රාහුල් ගාන්ධි මෙම ආසන දෙකම ජයග්‍රහණය කළොත්, එක් ආසනයක් අත්හැරීමට සිදුවනු ඇති බව ඉන්දීය පුවත් සේවා පැහැදිලි කරයි. අමිති ආසනය සැලකෙන්නේ කොංග්රස් පක්ෂයේ බලකොටුවක් ලෙසය.
ඉන්දී මහ මැතිවරණයේ පළමු අදියර ආරම්භ වූයේ පසුගිය 11 වැනිදාය. මෙය ඉන්දියාවේ 17 වැනි ලෝක් සභා මැතිවරණයයි. ඉන්දියාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙයි. මැතිවරණය අවසන් වන්නේ මැයි 19 වැනිදාය. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවනු ඇත්තේ මැයි 23 වැනිදාය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

