ඉන්දීය පාසල් දරුවෝ 12 දෙනෙක් විලට බිලි
බටහිර ඉන්දියාවේ බෝට්ටු අනතුරකින්, පාසල් දරුවන් 12 දෙනකු ඇතුළු 14 දෙනකු මියගිය බව එරට මාධ්‍ය ඊයේ (19) වාර්තා කළේය.
අනතුරට පත් වූයේ, ගුජරාඨ වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන චාරිකාවක නිරත වූ පාසල් දරුවන් පිරිසක් රැගත් බෝට්ටුවකි. අනතුරින් ගුරුවරු දෙදෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.
අනතුර සිදුවෙද්දී බෝට්ටුවේ 31 දෙනකු සිටි බවත්, ඔවුන් කිසිවකු ජීවිතාරක්ෂක කබා පැලඳ නොසිටි බවත් වාර්තා වේ. දියේ ගිලෙද්දී බේරාගත් දරුවන් 7 දෙනකු කඩිනමින් රෝහල්ගත කෙරුණි.
සිද්ධිය ගැන සොව පළ කරමින් සහ කම්පා වෙමින් මියගිය අය වෙනුවෙන්, ඉන්දීය රුපියල් ලක්ෂ 14 ක වන්දි මුදලක් ලබා දීමට ගුජරාඨ ප්‍රාන්ත රජය තීරණය කර ඇතැයි ද පැවැසෙයි.