ඉන්දීය ගුවන් නියමුවා නිදහස්
තම අත්අඩංගුවේ සිටි පාකිස්තාන ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් දේශසීමා පිවිසුමකදී ඉන්දියාවට බාර දීමට පාකිස්තානය ඊයේ රාත්රියේ කටයුතු කළේය.
අභිනන්දන් වර්මාන් ඉන්දියාවට බාරදීම සිදුවූයේ ඊයේ (1) රාත්රී 9.30 ට පමණය. පාකිස්තාන හමුදා තමන් හොඳින් බලා ගත් බවත්, ඔවුන් ගැන තමන්ගේ පැහැදීමක් හටගත් බවත් අභිනන්දන් වර්තමාන් පාකිස්තාන පුවත් සේවයක් සමඟ පවසා ඇත.
ඉන්දියාව සහ පාකිස්තානය අතර හොඳ හිත වර්ධනය කිරීමේ අරමුණ ඇතිව අභිනන්දන් වර්තමාන් මෙසේ නිදහස් කරන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගිය 28 වැනිදා පවසා තිබුණි.
ඊයේ (1) අභිනන්දන් වර්තමාන් නිදහස් කරන බව පාකිස්තානය කීවත් එය සිදුවූයේ රාත්රී 9.30 ටය. ඊයේ උදෑසන සිටම ඉන්දියානුවෝ අභිනන්දන් වර්තමාන්ගේ නිදහස අපේකෂාවෙන් නොඉවසිල්ලෙන් පසුවූහ.
පාකිස්තානය හිතාමතා ප්රමාද කරමින් ඊයේ දිනය අවසන් වෙනතුරු අභිනන්දන් වර්තමාන් රඳවා ගනිමින්, ඔහු නිදහස් කිරීම ඉන්දියාවට කළ අරියාදුවක් යැයි ඇතැම් ඉන්දීය දේශාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(එන්.ඩී.ටීවී.)

