ඉන්දීය අගමැති මෝදි රුසියාවේ

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියාවට ගොස් සිටින බවත් මෝදිට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණු බවත් වාර්තා වේ.
ඉන්දීය අගමැති මෝදි පැමිණියේ රුසියාවේ ව්ලැදිවෝස්ටොක් නුවරටය. ‘නැගනෙහිර ආසියා රටවල ආර්ථික සමුළුව’ මෙවර ව්ලැදිවෝස්ටොක් නුවරදී පැවැත්වෙන අතර, ඉන්දීය අගමැතිවරයා රුසියාවට ගියේ එම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසය.
රුසියන් ජනාධිපති පුටින් සහ අගමැති මෝදි එකිනෙකා හමුවූයේ වැළඳ ගනිමින් සුබ පතමිණි.
අර්බුද ගණනාවක් සම්බන්ධයෙන් අගමැති මෝදි සහ ජනාධිපති පුටින් අතරේ සාකච්ඡා පැවැත්විණි. ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පුටින් හමුවේ අගමැතිවරයා පැහැදිලි කිරීමක් ද කළ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
ව්ලැදිවෝස්ටාක්හිදීය (එන්.ඩී.ටීවී/ඒ.එෆ්.පී.)

