ඉන්දීය අගමැති මෝදි කමලා හැරිස් හමුවෙයි

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට ගොස් 76 වැනි මහා මණ්ඩල සැසිය ඇමැතීමට පෙර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ විශේෂ හමුවක් පැවැත්විණි.
කමලා හැරිස් ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානුවෙකි. ඇය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතර මුහුණට මුහුණ හමුවක් පැවැත් වුණු පළමු අවස්ථාව මෙයයි. කෙසේ නමුත් 'කොවිඩ් 19' සමයේ කමලා හැරිස් සහ මෝදි අතර අවස්ථා කීපයකදී දුරකතන ඇමැතුම් හුවමාරු විය. ඒ, ඉන්දියාවේ 'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙනි.
තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මුහුණට මුහුණ හමුවනතුරු නොඉවසිල්ලෙන් සිටින බව හමුවට පැය කීපයකට පෙර කමලා හැරිස් සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබුණි.
කමලා හැරිස් හමුවුණු අවස්ථාවේදී පෞද්ගලික ඉන්දියාවේ සංචාරයකට පැමිණෙන්නැයි ද අග්‍රාමාත්‍ය මෝදි ඇයට ඇරැයුම් කළ අතර කමලා හැරිස් එම ඇරැයුම සතුටින් බාර ගත්තාය. සාකච්ඡාවලින් අනතුරුව දෙදෙනා එක්වී මාධ්‍ය හමුවක් ද පැවැත්විණි.
(රොයිටර්)

