ඉන්දියාව නිදහස් දිනය සමරයි

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය ඊයේ (15) දිනට යෙදී තිබුණි. බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව නිදහස ලැබුවේ 1947 වසරේ අගෝස්තු 15 වනිදාය. නිදහස් දින රාජ්‍ය උත්සවය සුපුරුදු පරිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගිත්වයෙන් නවදිල්ලියේ රතු බළකොටුව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
එම රාජ්‍ය උත්සවයේ දී පාකිස්තාන ඉස්ලාමීය ත්රස්තවාදීන්ට එරෙහිව සිදු කළ සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් ඇගයීමට ලක් විය. එම මෙහෙයුමට දායක වූ කිහිප දෙනකු වාර්ෂික හමුදා ගෞරව නාම ලේඛනවලට එක් කෙරුණි.
ඉන්දියාවේ කෘෂිකර්ම වෙළෙඳපොළ විවෘත කරන්නැයි බලකරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවට සියයට 25 ක අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැහැදිලි කළේ ඉන්දීය ගොවි ජනතාව ආරක්ෂා කරගැනීමට තමන් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවය. ගොවි අවශ්‍යතාවලට පටහැනි ප්‍රතිපත්තිවලට එරෙහිව, තමන් පවුරක් සේ නැගී සිටින බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙසේ ඇමෙරිකාවට චෝදනා කළත්, ඇමෙරිකාව පවසා ඇත්තේ තමන් ඉන්දියාවට තීරු බදු පැනවීම් කළේ ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට විරෝධය දැක්වීමක් ලෙසය.

