ඉන්දියාවේ පාලමක් කඩා වැටී 2 ක් මරුට



ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පාලමක මගීන් වෙනුවෙන් වෙන් කර තිබුණු කොටස හදිසියේ කඩා වැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තවත් කිහිප දෙනෙකු ගඟට වැටී අතුරුදන් වූ බව වාර්තා වේ.

මෙම පාලම වසර 60 කට නඩා පැරැණි එකකි. එය නිසි ලෙස නඩත්තු කර නොතිබුණි. පසුව වාර්තා වූයේ පාලම භාවිතයෙන් වළකින්නැයි නගර සභා බලධාරීන් ජනතාවට දැනුම් දී තිබුණු බවය.

දියට වැටී අතුරුදන් වූ පිරිස සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව පොලිසිය පවසයි. ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ ද සහාය හිමි වුණැයි ද වාර්තා වේ. කඩා වැටෙද්දී පාලමේ 50 කට වැඩි පිරිසක් සිට ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS