ඉන්දියාවේ ප්‍රහාරයට පාකිස්තානයේ විරෝධය

ඉන්දීය ගුවන් හමුදාව කළ ගුවන් ප්‍රහාරයෙන් පසු, පාකිස්තාන රජයෙන් සහ එරට හමුදාවෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.
ඉන්දීය ගුවන් හමුදාව, තම ගුවන් සීමාව උල්ලංගනය කිරීම සහ තම රටට පැමිණ ප්‍රහාර එල්ල කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පාකිස්තානය පවසා ඇත.
ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා, පාකිස්තාන ගුවන් සීමාවට පිවිසෙද්දී තම ප්‍රහාරක ජෙට් යානා සීරුවෙන් තැබීමට පාකිස්තාන හමුදාව පියවර ගත් බව ද පැවැසෙයි.
පාකිස්තාන හමුදාව පවසා ඇත්තේ, ඉන්දීය ගුවන් හමුදාව එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් ජීවිත හානි කිසිවක් සිදුවී නැති බවය.
පුල්වාමා ප්‍රහාරය මුල්කොට ගනිමින්, පාකිස්තානයට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය දින කිහිපයේ පාකිස්තානයට අනතුරු අඟවා තිබුණි.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ, පුල්වාමා ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අනුව පරීක්ෂණ පවත්වන්නේ නම්, තම රජය ඉන්දියාවට පූර්ණ සහාය ලබා දෙන බවය.
කෙසේ නමුත් පාකිස්තාන අගමැති ඉම්රාන්ගේ සහාය ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය. පාකිස්තාන අගමැති දිගින් දිගටම ඉන්දිය අගමැති මෝදිට කියා සිටියේ, දෙරට අතර පවතින අර්බුදය අවසන් කර සාමය ස්ථාපිත කිරීමට තමන්ට සහ තම රජයට අවස්ථාවක් ලබා දෙන ලෙසය.
ඉන්දියාව කිසිදු ප්‍රබල සාක්ෂියක් නොමැතිව, පාකිස්තානයට පහර දුන්නොත්, ඊට ප්‍රතිචාර දක්වන්න පාකිස්තානය පසුබට නොවන බව ද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අවධාරණය කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

