ඉන්දියාවේ ප්‍රන්ත 28 න් 27 කම කොරෝනා



ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 27 කින්ම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. 

දෛනිකව ඉන්දියාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 400 සීමාව පසු කළ බවත්, එය දෛනිකව ඉහළ යමින් පවතින බවත් සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන, සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 4,000 ට ආසන්න වී ඇතැයි ද පැවැසෙයි. ජූනි පළමු වැනිදා වනවිට එය 3,758 ක් තෙක් ඉහළ ගොස් තිබුණි. වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ කේරළ ප්‍රාන්තයෙනි. ‘කොවිඩ් 19’ ආසාදිතයන් අතින්, දෙවැනි ස්ථානයේ ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයයි.

කොරෝනා ආසාදිතයන් වාර්තා නොවන එකම ඉන්දීය ප්‍රාන්තය වන්නේ කඳුකරයේ පිහිටි සික්කිම් ප්‍රාන්තයයි. බෞද්ධයන් බහුතරයක් වෙසෙන සික්කිම් ප්‍රාන්තය ඉන්දියාවට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි.

සික්කිම් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්, කොවිඩ් ආසාදිතයන් සෙවීමේ පරීක්ෂණ නොකඩවා සිදු කරන බවත්, ආසාදිතයන් කිසිවකු මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS