ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටිලා

මධ්‍යම ඉන්දියාවේ ඉන්ද්‍රෝ නමැති නගරයේ ඉන්දියාවේ සිවු මහල් හෝටලයක් හිටිහැටියේ කඩා වැටීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවුණාහ.
සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවන බව වාර්තා වේ. ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව එය නිසි ලෙස නඩත්තු නොකිරීම යැයි ද සැක කෙරේ.
(රොයිටර්)

