ඉන්දියාවේ කොරෝනා මරණ 50,000 පනී

ඉන්දියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 50,000 සීමාව පසු කළේය. ඒ, ගතවුණු පැය 24 ඇතුළත කොරෝනා මරණ 941 ක් වාර්තා වීමත් සමඟය.
ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 2.65 කි. ගතවුණු පැය 24 ඇතුළත හමුවුණු ආසාදිතයන් ගණන 57,981 ක් යැයි ඉන්දීය සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්විණි.
කොරෝනා ආසාදිතයන් සහ මරණ අතින් ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය. ඉන්දියාවට ඉහළින් සිටින්නේ බ්‍රසීලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. ඉන්දියාවේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි පිහිටා ඇත්තේ ද මහාරාෂ්ට්රයේය.
දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ තමිල්නාඩුවෙනි. තෙවැනි ස්ථානයේ ඇත්තේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයයි.
මේ අතර ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 21.6 පසු කළේය. ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ වාර්තා අනුව, ලොව නන්දෙසින් වාර්තා වන කොරෝනා මරණ ගණන 7,74,300 කි. කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන මිලියන 13.6 කි.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

