ඉන්දියාවේ උප ජනාධිපතිට කොරෝනා

ඉන්දීය උප ජනාධිපති එම්. වෙන්කයියා නයිදු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී ඇත.
71 හැවිරිදි වියෙහි පසුවන වෙන්කයියා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, පැය 24 පුරා වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් වාර්තා වේ.
වෙන්කයියා කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී ඇත්තේ, අහඹු ලෙස වෛද්‍ය පරීක්ෂණණයකට ලක් කළ අවස්ථාවේදී යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 6,225,763 කි. මරණ වාර්තා වන්නේ 97,529 කි. සම්පූර්ණ සුවය ලැබූ ගණන 5,187,852 කි.
නවදිල්ලියේදීය (රොයිටර්)

