ඉන්දියාවේ ආසාදිතයෝ ඉහළට
ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයෝ 2,644 ක් වාර්තා වුණු බවත්, එක් දිනකදී වැඩිම ආසාදිතයන් හමුවුණු පළමු අවස්ථාව මෙය බවත් පැවැසෙයි.
මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 39,000 පසු කර තිබේ. සමස්ත මරණ 1,300 පසු කර අවසන් යැයි පැවැසෙයි.
(රොයිටර්)

