ඉන්දියාවේ ආසාදිතයන් ඉහළට



ඉන්දියාවෙන් අවසන් පැය 24 දී ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන් 251,209 වාර්තා වූයේ යැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (30) නිවේදනය කළේය.

ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 40.62 ඉක්මවා ගියේ ය.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව අවසන් පැය 24 දී එනම් සෙනසුරාදා දිනය තුළ දී වාර්තා වී ඇති කොවිඩ්-19 වයිරස ආසාදිත මරණ ගණන 627කි.

ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ ආසාදිත සමස්ත මරණ ගණන 492,327කි.

(රොයිටර්)


RECOMMEND POSTS