ඉන්දියාවෙන් පාකිස්තානයෙන් එකිනෙකාට ෂෙල් වෙඩි ප්‍රහාර



අර්බුදයට ලක් වී ඇති කාශ්මීරයේ දේශසිමා හරහා ඉන්දියාව සහ පාකිස්තානය ඊයේ (2) දිනය පුරාවට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරගත් බවත් එයින් සොල්දාදුවන් දෙදෙනකු සහ සිවිල් වැසියන් පස් දෙනකු මියගිය බවත්, තවත් සිවිල් වැසියන් කිහිප දෙනකු  තුවාල ලැබූ බවත් වාර්තා වේ.

ඉන්දු පාකිස්තාන හමුදා මේ අයුරින් ෂෙල් වෙඩි ප්‍රහාර හුවමාරු කර ගැනීම ආරම්භ වූයේ, පාකිස්තාන හමුදා අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානා නියමු අභිනන්දන් වර්තමාන් යළි ඉන්දියාවට බාර දීමෙන් පැය කීපයක් ගත වෙද්දීය.

අභිනන්දන් වර්තමාන් පාකිස්තාන හමුදා අත්අඩංගුවට පත් වූයේ ඉකුත් 26 වැනිදා, පාකිස්තාන සහ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එකිනෙකාය පහර දුන් අවස්ථාවේදීය.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියා සිටියේ ඉන්දියාවට හොඳ හිත පෙන්වීමක් ලෙස ගුවන් නියවුමා නිදහස් කර ඉන්දියාවට බාර දුන් බවය. ඉන්දියාව කියා සිටින්නේ ජාත්‍යන්තරයෙන් එල්ල වුණු පීඩනය හේතුවෙන් පාකිස්තානයට නියමුවා නිදහස් කිරීමට සිදුවුණැයි කියාය.

නවද්ලිලියේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS