ඉන්දියාවෙන් දිගටම කෙනහිලිකම්

ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් සිවිල් වැසියන්ට, ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් දිගින් දිගටම කෙනහිලිකම් එල්ලවන බව පාකිස්තානය කියයි.
ඉන්දු පාකිස්තාන කාශ්මීර දේශසීමාවේ ඉන්දීය හමුදා සහ පාකිස්තාන හමුදා ෂෙල් වෙඩි හුවමාරු කර ගත් බව වාර්තා වේ.
කාශ්මීරයේ පවතින ගැටුම් හේතුවෙන් සහ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන්, කාශ්මීර වැසියෝ ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇති බව ද පැවැසෙයි. ඊට අමතරව, කෙණෙහිලිකම්වලට ලක් වන කාශ්මීර වැසියන්ට සීක්වරුන්ගේ ආරක්ෂාව ලැබෙන බව ද වාර්තා වේ.
ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)

