ඉන්දියාවට මහ වැසි: නායයෑම්: ජල ගැලීම්



ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට මහ වැසි ඇද හැලෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මහ වැසි නිසා හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.

නායයෑම් සහ ජල ගැලීම් හේතුවන්, විපතට පත් වූයේ, කේරළ ප්‍රාන්තයේ වයනාඩ්, කන්නූර්, මල්ලප්පූරම්, කොලිකෝඩ් සහ කසරගෝඩ් යන දිස්ත්‍රික්කවල වැසියන්ය.

දකුණු කේරළයේ, වයනාද් දිස්ත්‍රික්කයේ, අලුයම හටගත් නායයෑම්වලින් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් බොහෝ දෙනකු පස් සහ මඩ තට්ටු අතරේ සිරවී සිටින බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වයනාද් දිස්ත්‍රික්කයේ, නායයෑම් හටගත්තේ, මෙප්පාඩි සහ චූරල්මලයි යන ප්‍රදේශවල වැසියන්ය.

නායයෑම් හටගනිද්දී ගම්වැසියන් බොහෝ දෙනකු නිවෙස්වල නිදාගෙන සිටි බවත්, වැඩි දෙනා පණ පිටින් වැලළී ගිය බවත් පැවැසෙයි. පස් සහ මඩ තට්ටු අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ වී ඇති බවත්, එම මෙහෙයුම්වලට ද බාධා එල්ල වී ඇත. ජල ගැලීම් හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS