ඉන්දියාවට පාකිස්තානයෙන් විරෝධයක්



ඉන්දීය හමුදා තම ගුවන් සීමාවට අනවසරෙයන් ඇතුළු වී බලාකොට් ප්‍රදේශයට බෝම්බ හෙලීම සම්බන්ධයෙන් පාකිස්තානයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

පාකිස්තාන අගහැති ඉම්රාන් ඛාන්, එම ප්‍රහාරයෙන් පසු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. ඒ, පාකිස්තානය ඉන්දියාවට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි සම්බන්ධයෙනි. පාකිස්තාන අගමැති ඉම්රාන් පාකිස්තාන වැසියන්ට පවසා ඇත්තේ, සිදුවිය හැකි ඕනෑම දේකට මුහුණ දෙන්න සූදානමින් සිටින ලෙසය.

ඉන්දීය ගුවන් හමුදාව, දේශසීමා සහ ගුවන් සීමා උල්ලංඝනය කරමින්, අද (26) අලුයම කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවට ‘පාඩමක්’ උගන්වන බවත් පාකිස්තාන ආරක්ෂක අංශ වැඩි දුරටත් පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS