ඉන්දියාවට චීනයට රුසියාවට ට්‍රම්ප් දොස් නගයි

බි්රතාන්ය පුවත් නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉන්දියාවට චීනයට සහ රුසියාවට දොස් නැගීය.
ඇමෙරිකා ජනාධිපතිවරයා ඉන්දියාවට, චීනයට සහ රුසියාවට දොස් නැගුවේ එම රටවල් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වුවත්, පරිසරය ගැන හෝ පරිසර දූෂණය ගැන හෝ කිසිදු තැනීමක් නොකරන බවට චෝදනා කරමිනි.
ඇමෙරිකා ජනපති ට්‍රම්ප් මහා බි්රතාන්යයේ සංචාරයක නියැලෙයි. ඔහු මෙසේ අදහස් දැක්වීමක් කළේ, බි්රතාන්යයේ අයි.ටීවී. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමිනි. එංගලන්තයට පැමිණි අවස්ථාවේදී ජනපති ට්‍රම්ප් සහ චාල්ස් කුමරු අතර විශේෂ හමුවක් පැවැත්විණි. ඒ, ගෝලීය උණුසුම පිටුදැකීම සම්බන්ධයෙනි. අයි.ටීවී. නාළිකාව ට්‍රම්ප්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය.
‘ඉන්දියාව, චීනය සහ රුසියාව අද ආර්ථිකමය වශයෙන් ශක්තිමත් රටවල්. චීනය එතැනින් පෙරමුණ ගන්නවා. මේ රටවල් පරිසරය ගැන තැකීමක් කරන්නේ නැහැ. පරිසර දූෂණයට පිළියම් සොයන්න මහන්සි වෙන්නේ නැහැ.’ යැයි ඇමෙරිකා ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
‘චාල්ස් කුමරු සහ මම දීර්ඝ වශයෙන් පරිසර දූෂණය සහ ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. චාල්ස් කුමරු සැබවින්ම පරිසරය සුරැුකීම වෙනුවෙන් කැපවී වැඩ කරන කෙනෙක්. මම නොදන්නා දේ ඔහු මට කියා දුන්නා’ යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය. ඇමෙරිකා වැසියන්ට ජීවත් වීමට අවශ්‍ය පිරිසිදු වාතය සහ ජලය යහමින් ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ගෝලීය උණුසුම පිටුදැකීමට ජගත් නායකයන් එකමුතු වී, ප්‍රංශයේ පැරිස් නුවරදී ඇතිකරගත් එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් කටයුතු කර තිබේ. එය ජගත් නායකයන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.
ලන්ඩනයේදීය (රොයිටර්ස්)

