ඉන්දියානුවෝ පහක් මියයති



ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ මාඕ බෙදුම්වාදී ත්‍රස්තයන් කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් පස් දෙනකු සහ ඉන්දීය හමුදා සොල්දාදුවකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරය එල්ල වූයේ චතිස්ගාර්හි ඩන්ටේබාඩා පළාතේ යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය. චතිස්ගාර් ප්‍රාන්ත සභා මැතිවරණය ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය දා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිවරණ රැළියක් ඇමතුවේය. මාඕවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමට පටන් ගත්තේ ඉන්පසුව යැයි ද පැවැසෙයි. මැතිවරණයට පෙර සහ මැතිවරණය පැවැත්වෙද්දී මාඕ බෙදුම්වාදීන් තවත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවිය හැකි බවට ආරක්ෂක අංශ බිය පළ කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS