ඉන්ටර්පෝල් ප්‍රධානියා කිම් ජොං යැං

ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල්හි නව සභාපතිවරයා ලෙස දකුණු කොරියානු ජාතික කිම් ජොන් යැං තේරී පත් විය.
නව සභාපතිවරයා තෝරා ගැනීම සිදුවූයේ ඉන්ටර්පෝල් වාර්ෂික සභා සම්මේලනයේදීය. එය පැවැත්වූයේ ඩුබායි නුවරය. සාමාජික රටවල් 194 නියෝජනය කරන නියෝජිතයන් සැමගේ සහභාගීත්වයෙන් සම්මේලනය පැවැත්විණි.
සභාපති ධුරය වෙනුවෙන් තරගය පැවැතියේ කිම් ජොන් යැං සහ රුසියානු ජාතික ඇලැක්සැන්දර් ප්රකෝචක් අතරේය. ඇලැක්සැන්දර් ප්රකෝචක් ට උප සභාපති ධුරය හිමිවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
(ඒ.එෆ්.පී.)

