ඉන්ටර්පෝල් ප්‍රධානියා අතුරුදන්

චීනයේ සංචාරයකට ගිය ජාත්‍යන්තර පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් ‘ඉන්ටර්පෝල්’ ආයතනයේ ප්‍රධානී මෙංග් හොංග්වේ අතුරුදන්ව ඇතැයි පැවැසෙයි.
මෙංග් හොංග්වේ චීන සම්බවයක් ඇත්තෙකි. ජීවත් වන්නේ ප්‍රංශයේ ලියොන් නුවරය. මෙංග් හොංග්වේ සොයා කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළේ යැයි ප්‍රංශ ආරක්ෂක අංශ කියයි.
මෙංග් හොංග්වේගෙන් ආරංචියක් නැති බව පවසා ඇත්තේ, ඔහුගේ බිරිඳ ලියොන් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුවය.
(රොයිටර්ස්)

