ඉතාලි පා පන්දු ක්රීඩාංගනයක තෙරපීමක්

ඉතාලියේ ටියුරින් නුවර පා පන්දු ක්රීඩාංගනයක බෝම්බ බියක් හේතුවෙන් හටගත් තෙරපීමකින් 1,500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
ඔවුන්ගෙන් 7 දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 7 හැවිරිදි දරුවෙක් ද ඒ අතර සිටී.
බෝම්බ බිය හටගෙන ඇත්තේ රතිඤ්ඤා දැල්වීමකින් යැයි පොලිසිය පසුව පැවැසීය. තෙරපීම සිදුවන අවස්ථාවේදී ටියුරින් ක්රීඩාංගනයේ පැවැත්වූයේ චැම්පියන් ලීග් අවසන් මහා තරගයකි.
(රොයිටර්)

