ඉතාලියේ කොරෝනා මරණ 1,809 ක්

ඉතාලියෙන් වර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව අදවනවිට (16) වනවිට 1,809 දක්වා ඉහළ ගියේය. ඉතාලියේ කොරෝනා ආසාදිතයන් ගණන 24,747 ක් යැයි පැවැසිණි.
ඊයේ (15) දිනයේ පමණක් මරණ 368 ක් වාර්තා වූ බව ඉතාලි සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ. ඉතාලියේ එක් දිනක් ඇතුළත වැඩිම මරණ වාර්තා වූ අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොව පුරා පැතිරීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. මේ වනවිට චීනයේ වයිරස ආසාදිතයන් ගණන කෙමෙන් පහත වැටී ඇත. චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඉතාලියෙනි.
මුළු ඉතාලියම වසා දමා ජනතාව නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර ඇත. වයිරසය ව්‍යාප්තවීම ආරම්භ වූයේ උතුරුදිග ඉතාලියෙනි. උතුරුදිග ඉතාලියේ ප්‍රාන්ත බලධාරීන් පවසා ඇත්තේ ආසදිතයන් වෙනුවෙන් රෝහල්වල ඇඳන් ප්‍රමාණවත් නොමැති බවය.
රෝමයේදීය (රොයිටර්)

