ඉක්වදා්ර ජනාධිපතිට ගල්මුල්
ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ ජනාධිපති ඩැනියෙල් නොබෝවාට ඊයේ (8) වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ, ඔහුට එරෙහිව විරෝධතාවක් පැවැත්වෙන අතරතුරේය.
ජනාධිපතිවරයාට විරෝධතාවක් එල්ල වූයේ ඔහු එරට එල් ටැම්බෝ පළාතේ ජල පිරිපහදු කම්හලක නිරීක්ෂණ චාරිකාවට යමින් සිටියදීය. ජනාධිපති නෝබෝවා, පිරිපහදුව බලා ගියේ ආරක්ෂක අංශ ද පිරිවරා ගනිමින් රිය පෙරහැරකිනි.
ජනාධිපතිවරයාගේ මෝටර් රථය, පිරිපහදුවට ළං වෙද්දී, විරෝධතාකරුවෝ මඟ දෙපස සිට කෑ කෝ ගසමින්, මෝටර් රථයට ගල් ගසන්න වූහ. පන්සියයකට වැඩි පිරිසක් විරෝධතාවට එක් වී සිටි බව ද පැවැසෙයි.
ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ගල් ප්‍රහාරය එල්ල වන අතරතුරේය. වෙඩි ප්‍රහාරයෙන් හෝ ගල් ප්‍රහාරයෙන් හෝ ජනාධිපතිවරයාට අනතුරක් සිදු නොවිණි. ජනාධිපතිවරයා සමඟ පරිසර සහ බලශක්ති අමාත්‍ය ඉනේස් මන්සානෝ ද පිරිපහදුවට ගිය අතර, ඔහුට ද අනතුරක් සිදු නොවිණි.
ජනාධිපතිවරයා ඝාතන තැත සම්බන්ධයෙන්, මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඊට සම්බන්ධ පුද්ගලයන් සොයා දඩුවම් කරන බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇත.
විරෝධතාවට එක් වී කලහ කළ පස් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් මාධ්‍ය වාර්තා කළේය.
37 හැවිරිදි ඩැනියෙල් නෝබෝවා, ඉක්වදෝරයේ ජනාධිපති ධුරයට පත්වූ ළාබාලතම තැනැත්තාය. වාමාංශික දේශපාලනඥයකු වන ඔහු පසුගිය අප්‍රේල් පැවැති ජනාධිපතිවරණයෙන් ද ජයග්‍රහණය කළේය. ඒ, දෙවැනි වටයේ දී ප්‍රතිවාදියා වූ ලුයිසා ගොන්සාලෙස් පරාජය කරමිණි.