ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක්

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර දෙසින් පිහිටා ඇති ජලල්ලාබාද් නුවර ගුවන්තොටුපොළ අසල සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
බෝම්බ ප්රහාරයට හසුවීමෙන් 23 දෙනකු තුවාල ලැබූ බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනා ආරක්ෂක අංශ සාමාජිකයන් බවත් පැවැසෙයි.
තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.
බෝම්බකරු බෝම්බය පුපුරුවා ගත්තේ, ඇෆ්ගන් ආරක්ෂක අංශ මුරපොළක් ඉදිරියේය. ප්රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසන්නේ, එය තලේබාන් ත්රස්තවාදීන් කළ ප්රචණ්ඩ ක්රියාවක් බවය.
කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)

