ඇෆ්ගන් බස් බෝම්බයෙන් 32 ක් මියයති



ඇෆ්ගනිස්තානයේ ෆාරා පළාතේ මගී බස් රියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් කාන්තාවන්, කුඩා දරුවන් ද ඇතුළු 32 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 17 කි.

බෝම්බය මාර්ගය අසල අටවා තිබුණු බවත්, බස් රිය එතැනින් යද්දී එය පුපුරා ගිය බවත් පැවැසෙයි. ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS