ඇෆ්ගන් පොලිස් මූලස්ථානයකට පහර දෙති

උතුරු ඇෆ්ගනිස්තානයේ පුල් ඊ කුම්රි නමැති නගරයේ පිහිටි ඇෆ්ගන් පොලිස් මූලස්ථානයට තලේබාන් ත්රස්තයෝ පහර දුන්හ.
ප්රහාරයට තලේබාන් ත්රස්ත කණ්ඩායමක් පැමිණියහ. ඒ අතර සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවකු ‘හම්වී’ ජීප් රියකින් පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදුණේය.
බෝම්බකරු සිය බෝම්බය පුපුරුවා ගැනීමෙන් පසු සෙසු ත්රස්තයන් වෙඩි තබමින් ගොඩනැගිල්ලට කඩා වැදී ඇත. ත්රස්තාවාදීන්ගේ ප්රහාරයෙන් මියගිය ගණන 13 කි. 50 ක් තුවාල ලැබූහ. ඔවුන්ගෙන් 20 දෙනකු සිවිල් වැසියන් යැයි පැවැසෙයි.
වොෂින්ටනයේදීය (එන්.ඩී.ටීවී.)

