ඇෆ්ගන් ජනපතිවරණය අසාර්ථකයි



තලේබන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අක්‍රමිකතා රැසක් මැද ඇෆ්ගන් ජනාධිපතිවරණය පැවැත්වුණු නමුත් මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ජනපතිවරණය අසාර්ථක වූ බවය.

ජනාධිපතිවරණය පැවැත්වූයේ එය කඩාකප්පල් කරනවා යැයි තලේබාන් ත්‍රස්තවාදීන් අනතුරු අඟවා තිබියදීය. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද පොළ 5,373 ක් පිහිටුවනු ලැබ ඇත.

මැතිවරණ නිලධාරීහු 1,10,000 ක් මැතිවරණ රාජකාරිවල නියැලුණාහ. ආරක්ෂාවට හමුදාවේත් පොලිසියේත් 72,000 ක් යොදවා ඇත. වයස අවුරුදු 18 වැඩි මිලියන 9.6ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ සිටියහ. ඇෆ්ගනිස්තානයේ ජනගහනය මිලියන 35කි.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS