ඇෆ්ගන් කාන්තාවන්ට හඬ නගා යාච්ඤා කරන්න බෑ



ඇෆ්ගන් කාන්තාවන් වෙනුවෙන්, ෂරියා නීතිය යටතේ නව නීති හඳුන්වා දීමට ඇෆ්ගන් තලේබාන් පාලකයන් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

හඳුන්වා දී ඇති නව නීති අනුව, ඇෆ්ගන් කාන්තාවන්ට හඬ නගා යාච්ඤා කිරීමට නොහැකි අතර, පිරිමින් හඬ නගා යාච්ඤා කරන්නේ නම් ඒ අසල රැඳී සිටීමට ද හැකියාවක් නැත.

ඇෆ්ගන් තලේබාන් රජය, ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ටම ආවේණික වූ ෂරියා නීතියකි. බිලිකා අධ්‍යාපනය තහනම් කිරීමට පවා තාල්බාන් රජය පියවරගෙන ඇත. මෙය ජාත්‍යන්තරයේ පවා දැඩි අප්‍රසාදයට හේතුවක් විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS