ඇස් ආසාදනයවීම රෝග ලක්ෂණයක්
ඇස් ආසාදනය වී, ලා රතු පැහැයක් ගන්නා ‘කොන්ජන්ටිවිටිස්’ රෝගී තත්ත්වය ද ‘කොවිඞ්19’ ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ ලක්ෂණයක් යැයි ඇමෙරිකන් වෛද්‍යවරු පෙන්වා දෙති.
උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ස්නායු ආබාධ ආදිය ‘කොවිඞ් 19’ රෝග ලක්ෂණ ලෙස හඳුනා ගෙන ඇත. කොරෝනා ආසාදිතයන්ගේ ‘කොන්ජන්ටිවිටිස්’ රෝගී තත්ත්වය දකින්න ලැබෙන බව චීන වෛද්‍යවරුන් ද මීට පෙර පවසා තිබුණි.
මේ වනවිට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මරණ සංඛ්‍යාව 90,000 පසු කර තිබේ. මරණ සංඛ්‍යාව මෙසේ ඉහළ ගියේ ඉතාලියෙන්, ස්පාඤ්ඤයෙන් සහ ඇමෙරිකාවෙන් දිනපතා 600 ත් 700 ත් අතර ආසාදිතයන් පිරිසක් මියයෑම හේතුවෙනි.
වොෂින්ටනයේදීය (රොයිටර්)

