ඇසට වැදුණු කොන්තය



පේරු රාජ්‍යයේ සිදු කළ සංචාරයේදී ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා, සිය මෝටර් රථයේ නැගී ජනතාව අතරින් යද්දී, ඔහුගේ එක් ඇසකට ජනතාව අතරින් විසි වී ආ කොන්තයක් වැදුණි.

පේරු සංචාරය අවසන් කර ආපසු යද්දී, මාධ්‍යවේදීන් ඒ ගැන විමසූ අවස්ථාවේදී පාප්තුමා කීවේ කොන්තය තම මූණට විසි කළ පුද්ගලයාට තමන් සමාව දෙන බවය.

ඉකුත් 16 වැනිදා ලීමා අගනුවර වීදි සංචාරය කරද්දී, ජනතාව අතරින් විසි වී ආ එම කොන්තය මුහුණේ වැදීමෙන්, පාප්තුමා දැඩි වේදනාවට පත් විය. ඒ බව වීඩියෝ දසුන්වලින් පැහැදිලිව පෙනෙයි. කෙසේ නමුත් පාප්තුමාට බරපතල තුවාලයක් සිදු නොවිණි.


RECOMMEND POSTS