ඇලෙස්කාවට භූමි කම්පාවක්
ඇලෙස්කාව ප්රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7 ක් ලෙස සටහන් වූ බව පැවැසෙයි.
ඇලෙස්කාවේ විශාලතම නගරය වන්නේ ඇන්කරේජ්ය. මෙහි ජනගහනය ලක්ෂ 3 කි. නගරයට භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වී ඇති බව පැවැසෙයි. ගොඩනැගිලි සහ නිවාස කිහිපයකට හානි සිදුවුණු බව පැවැසුවත්, ජීවිත හානි සිදුවී නැත.
(රොයිටර්ස්)

