ඇලබාමා ටෝනේඩෝවට 14 ක් බිලි

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ ලී ප්රාන්තය හරහා බිහිසුණු ටොනේඩෝ සුළි කුණාටුවක් හමා ගිය බවත්, 14 දෙනකු ඊට බිලිවුණු බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.
ලී ප්රාන්තයේ නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බව ද පැවැසෙයි. ටෝනේඩෝව හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග අවහිර වී ඇති බවත්, 10,000 කට විදුලි බල අහිමි වී ඇති බවත් වාර්තා වේ. ඇලබාමා ආණ්ඩුකාර කේ අයිවී පවසා ඇත්තේ ආපදාවට ලක්වූවන්ට කඩිනමින් අන්ශය පහසුකම් ලබා දෙන බවය.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

