ඇමෙරිකා හමුදා නිලධාරිනියන් ලිංගික හිංසනයට ලක් වෙනවා



ඇමෙරිකා හමුදා නිලධාරිනියන් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ලක් වන බවත්, 2017 වසරේ සිට එය සියයට 10 කින් ඉහළ ගොස් ඇති බවත් එරට සෙනෙට් සභික මන්ත්‍රී මාර්තා මැක්සැලි කියයි.

මාර්තා මැක්සැලි යනු ඇරිසෝනා ජනපදය නියෝජනය කරමින් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය හරහා කොංග්‍රසයට තේරී පත් වුණු තැනැත්තියකි.

සෙනෙට් මන්ත්‍රීවරියක වීමට පෙර මැක්සැලි, ඇමෙරිකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා නියමුවරියකු ලෙස රාජකාරි කළාය. ඇමෙරිකා ගුවන් හමුදාවට ප්‍රහාරක යානා නියමුවරියක ලෙස එම තනතුරට පත් වුණු පළමු කාන්තාව මැක්සැලිය.

තමා ද තම ඉහළ නිලධාරියකුගේ ලිංගික අතවරයකට ලක්වුණු බව මැක්සැලි අනාවරණය කළාය. ඒ, පෙරේදා ඇමෙරිකන් සෙනෙට් මණ්ඩල සන්නද්ධ කමිටු රැස්වීමට සහභාගී වුණු අවස්ථාවේදීය.

ඇමෙරිකා ගුවන් හමුදාවට එක් වුණු පළමු කාන්තා ප්‍රහාරක යානා නියමුවවරිය ලෙස මැක්සැලි වසර 26 ක් සේවය කළාය. ඇය ගුවන් හමුදාවෙන් සමුගෙන ඇත්තේ 2010 වසරේදීය. ඒ, කර්නල්වරියක ලෙස උසස්වීමෙන් පසුවය.

වොෂින්ටන්යේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS