ඇමෙරිකා රාජ්ය තාන්ත්රිකයෝ වෙනිසියුලාවෙන් පිටවෙති

වෙනිසියුලා දේශපාලන අර්බුදය උත්සන්න වීමත් සමඟ, එරට සිටි සියලු ඇමෙරිකන් රාජ්ය තාන්ත්රිකයන් ආපසු ඇමෙරිකාව බලා පැමිණ ඇතැයි ඇමෙරිකා රාජ්ය ලේකම් මයික් පොම්පේඕ කියයි.
වෙනිසියුලාවේ දේශපාලනික අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ, වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව විරෝධතා ආරම්භ කිරීමත් සමඟය.
වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක්වී, එරට විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ, වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස නම් කරනු ලැබ ඇත. ඇමෙරිකාව පමණක් නොව, යුරෝපා රටවල් මෙන්ම ලතින් ඇමෙරිකා කලාපයේ ඇතැම් රටවල් ද සහාය දක්වන්නේ ගුඅඩිඩෝටය.
වෙනිසියුලා අර්බුදයට ඇමෙරිකාව මැදිහත්වීම වෙනිසියුලා ජනාධපති නිකලස් මදුරෝගේ දැඩි විරෝධයට හේතුවක් විය. වෙනිසියුලාවේ ඇමෙරිකන් තානාපතිවරයා සහ රාජ්ය තාන්ත්රික නිලධාරීන් සැමට වහා වෙනිසියුලාවෙන් පිටවී යන්නැයි මදුරෝ අණ කළේය.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

